bitcoin sinhala

මිලියනපතියන් බිහිකරන Trading සිංහලෙන්

Bitcoin Trading යනු ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරනය වන Cryptocurrency එකක් හෙවත් ඩිජිටල් මුදල් ඒකකයක් ලෙස සරලව හැදින්විය හැකියි. දිනෙන් දින ලෝකයේ ඉල්ලුම ඉතා ශීඝ්‍රයෙන් වැඩිවන මුදල් ඒකකය ලෙසද බිට්කොයින් හැඳින්විය හැකිය.

බිට්කොයින් වල මිල පාලනය සදහා රජයක් බැංකුවක් හෝ පාලන අධිකාරියක් නොමැති අතර මේ නිසා ඉල්ලුම අනුව මිල නිතරම වෙනස් වේ. මෙම මිල වෙනස්වීම මත බිට්කොයින් වෙළඳපළ නිවැරදිව අධ්‍යයනය කිරීම මගින් අති සාර්ථක ලෙස මුදල් ඉපයිය හැකිය.

ඉතින්  මේ පෝස්ට් ඒක හරහා අපි බලාපොරොත්තු වෙනවා Bitcoin සහ Bitcoin වෙළඳපල පිළිබඳව නිවැරදි දැනුමක් ඔබට සිංහලෙන් ලබා දීමට.

ඒ වගේම මුලින්ම මේකත් මුලින්ම කියන්න ඕනා. Cryptocurrency වල ආයෝජනයෙන් සරලව අසීමිත ලෙස මුදල් ඉපයීමට හැකියාව ඇති ලෙසම, ඔබ බිට්කොයින් හෝ වෙනත් Cryptocurrency එකක ආයොජනය කරනවනම් ඒ තුල අවදානමක්ද ගැබ්ව තියෙනවා. ඒ නිසා තමාන්ට දරා ගැනීමට හැකියාවක් ඇති ලෙස ආයෝජනය කිරීමට අපි පරිස්සම් වෙන්න අවශ්‍යයි. ඒක Cryptocurrency වල ආයෝජන ට මෙන්ම සෑම ව්‍යාපාරයකටම අදාලයි. ඒ නිසා ඒ ගැනත් හිතන්න.

එහෙම උනොත් අපේ රටට ඩොලර් ඇදල, අපිත් දියුණු වෙලා රටේ ආර්ථිකයටද දායක වෙන්න අපට පුලුවන්.

හරියට ඉගෙන ගත්තොත් අවම දිනකට $100 (රුපියල් 18,000.00) ක් හොයන එක පොඩි දෙයක්. හිතන්න මාසෙකට… ඉතින් ඉවසීමෙන් ඉගෙන ගන්න. උනන්දුවෙන් උත්සහා කලොත් කිසිම දෙයක් බැරි නෑ…

ඇයි බිට්කොයින් ගැන වෙබ් අඩවියක්?

Cryptocurrency ලෝකයේ බලයෙන් වැඩිම Cryptocurrency එක Bitcoin කියල ඔයාල දැන් දන්නවා.අනික බිට්කොයින් හැර අනෙක් Cryptocurrency මිලදී ගන්න නම් අපට Bitcoin වියදම් කරල තමා ගන්න වෙන්නෙ.අනෙක් පැත්තෙන් බිට්කොයින් හැර වෙනත් Cryptocurrency එකක් විකුණපුවම අපට හම්බෙන්නෙත් Bitcoin. ඉතින් Bitcoin වල මිල ඉහළ පහළ යෑම අනෙක් Coin වලට සෘජු ලෙසම බලපානවා.ඉතින් Trading කරනකොට බිට්කොයින් පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබිය යුතුම වෙනවා.ඒ නිසා තමයි අපි Bitcoin පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂිත වූ වෙනම වෙබ් අඩවියක් හදල තියෙන්නෙ.

නමුත් Cryptocurrency වෙළදපලේ ඇති එකම Cryptocurrency එක බිට්කොයින් නොවන නිසා අනෙකුත් ලාභ ලැබිය හැකි Cryptocurrency පිළිබඳව ඔබට ඉගෙන ගන්න bitcoinsinhala.com වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට පුලුවන්. ඒ වගේම අනෙකුත් Cryptocurrency පිළිබඳව අවබෝධයක්  ලබාගන්නටත්  ඔබට පුලුවන්.

Cryptocurrency trading වල භාවිතා වන වචන

හරි ඊළඟට අපි මේ Cryptocurrency Trading කරන අය භාවිතා කරන වචන කිහිපයක් ඉගෙනගමු.මොකද Cryptocurrency ගැන ඉගෙන ගන්නවා නම් සහ Cryptocurrency Trading කරනවා නම් වචන සෙට් එක දැනගත යුතුම වෙනවා.මොකද Cryptocurrency Trading කරන අය මේ වචන නිතරම භාවිතා කරනවා.ඉතින් ඔයාල Cryptocurrency News කියවන වෙලාවට.අනික් Cryptocurrency Trading කරන අය ඉන්න Group(‍‍ ලෝකෙ ප්‍රධාන Crypto Trading Group කිහිපයකට ඉදිරියෙදි අප ඔබව සම්බන්ද කිරීමට බලාපොරොත්තු වෙනවා ) වලට Join වුනාම ඒ වෙලාවට මේ වචනවල තේරුම දැන සිටියයුතුයි.ඉතින් පහල තියෙන්නේ ඒ වගේ ප්‍රධාන වශයෙන් භාවිතා වන වචන කිහිපයක තේරුම්. අපි වෙනම පෝස්ට් එකක මේ ප්‍රධාන වචන හැරුනහම ඇති අනෙකුත් වචන වල තේරුම බලමු.

  • Altcoin – බිට්කොයින් හැරුණු විට ඇති අනෙක් සියලුම coin
  • Shit Coin – මේකත් Alt coin වලටම කියන තවත් නමක්
  • Pump – Coin වල මිල සුළු කාලයක් තුළ සීඝ්‍ර ලෙස වැඩිවීම නොහොත් මිල වැඩිවීම
  • Dump – Coin මිල සුළු කාලයක් තුළ අඩු වීම නොහොත් මිළ පහළයාම
  • HODL-  Coin වල මිල අඩු වුවත් වැඩි වුවත් අපි බලාපොරුත්තු වන ලාභය(Profit) එක ලබෙන තෙක් Coin එක විකුණන්නෙ නැතිව ලග තබා ගැනීම

Cryptocurrency වල Trade කරන්න නැත්නම්, ආයෝජනය කරන්නේ කොහොමද?

මූලිකව Cryptocurrency වල ආයෝජනයට සහ Trading කිරීම සඳහා ගිණුම් තුනක් අවශ්‍ය වෙනවා.අපි බලමු ලෝකයේ පිළිගත් සහ ආරක්ෂාව වැඩිම Cryptocurrency වෙලඳපොලවල්,  Cryptocurrency තැන්පත් කිරීමට ඇති හොදම Wallet මොනවද සහ කොහොමද ඒවායේ ගිණුම් සකසා ගන්නා ආකාරය.ඔයාලට පුලුවන් පහලින් අවශ්‍ය කරන ගිණුම් සකසා ගන්න.

Paxful – බිට්කොයින් මිලදී ගැනීම සහ විකිණීම

ශ්‍රී ලංකාවේ අපට මෙතෙක් කල් Bitcoin මිලදී ගන්න තිබ්බ පහසුම ආකාරය තමා cex.io වෙබ් අඩවිය. ඒත් අපේ රටේ සීමාවක් නැතිව පහුගිය කාලෙ IQ Optoion එකට සල්ලි දාන්න ගිහින් දැන් කිසිම බැංකු Card එකකින් දැන් Trade කරන්න සල්ල Deposit කරන්න බෑ. ඔයාලට දැන් මම කියන්න යන්නෙ මෙච්චර කල් වැඩිය ප්‍රසිද්ධ කරපු නැති වෙනත් ක්‍රමයකින් Bitcoin ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. ඒ තමා paxful  එකෙන් BitCoin ගන්න විදිහ. ඉස්සල්ලම මෙතනින් ගිහින් paxful එකේ Rigister වෙන්න.

Paxful Coin එකෙන් Bitcoin ගන්න ආකාරය පියවරින් පියවර පැහාදිලි කරල තියෙන මේ ලිපිය සහ වීඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න.

හිතන්න ඔයා සිංගප්පූරු යනවා මොනව හරි බඩු ගන්න.එතකොට ඔයා එහෙ රටේ වෙලදපළකට රුපියල් අරන් ගිහින් බඩු ගන්න බෑනෙ නේද? ඉතින් ඔයාලට සිද්ධ වෙනවා ඒ රටට ගොඩ බහිද්දිම ඒ රටේ Airport එකෙන් රුපියල් වලට සිංගප්පූරු ඩොලර් මාරුකරගන්න.ඊට පස්සෙ ඔයාලට පුලුවන් ඒ රටේ ඕන තැනකට ගිහින් බඩු ගන්න.ඉතින් Cryptocurrency වෙළදපලත් මේ වගේමයි.ඔයාල Cryptocurrency වෙලදපලට ඇතුල් වෙනව නම්  Bitcoin මිලදී ගන්නම වෙනවා.(මීට අමතරව ඇති වෙනත් Ethereum- ETH, Litecoin – LTC වැනි ප්‍රධාන කොයින් වලින්ද මේ වැඩේ කරගන්න පුලුවන් එත් හැමතැනම පිලිගන්නෙ Bitcoin)

මේ සයිට් එකට රුපියල්(LKR) වලින් හෝ ඇමෙරිකන්  ඩොලර්(USD) දීල  Bitcoin(BTC) මිලදී ගන්නවා.ඊට පස්සෙ ඒ ඔයාල ගත්ත Bitcoin, Cryptocurrency වෙළදපලකට(Exchange) යවල ඔයාලට කැමති Altcoin එකක් ගන්න පුලුවන් නැත්නම් Bitcoin විදිමටම තියාගන්නත් පුලුවන්.

මේකෙ අනික් පැත්ත ගත්තොත් ඔයාල ගත්ත Alt Coin එකක මිල වැඩි වෙලා හෝ තියාගෙන හිටිය Bitcoin(BTC)  ලාභ(Profit) ලැබූ විට, නැවත Bitcoin(BTC) විකුණා ඩොලර්(USD)  හෝ රුපියල්(LKR) අපේ බැංකුවට ගන්න පුලුවන්.

සරලව කිව්වොත්  මිලදී ගද්දි

LKR ——–> USD ——–> BTC
BTC ——–>Alt Coin

අපසු විකුණද්දි

BTC ——–> USD ——–> LKR
Alt Coin ——–> BTC ——–> USD ——–> LKR

අන්තර්ජාලයෙන් බිස්නස් එකක් කරන ක්‍රම ගැන අලුත්ම තොරතුරු ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැදිල ඉන්න. email Subscribe කරන්න Share කරන්න

Please follow and like us:

Leave a Reply